අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් පිළිරුව නිරාවරණය කිරීම අද

    ජූනි 22, 2017
     
    බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් පිළිරුව නිරාවරණය කිරීම අද (22) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    මුල් අවදිය - පොන්නම්බලම් ‍රාමනාදන්ගේ පියා අරුනාචලම් පොන්නම්බලම්ය. මව සෙල්ලච්චි අමියියාය. රාජකීය විද්‍යා‍ලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය.
     
    දේශපාලනය - පොන්නම්බලම් ‍රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල‍නොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් ‍රාමනාදන්වය. ‍එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.
     
    සිංහල මුස්ලිම් කැරැල්ල - 1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාර්ෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිරකරන ලෙස පොලීසියට හා හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දෝසතර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්, ආර්, ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ හා තවත් කිහිප දෙනෙක් වුහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවිය. පී. රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය.
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya