අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට ඔස්ට්‍රේයාවෙන් පුහුණුවක්

    ජූනි 21, 2017

    ඩෙංගු මර්දන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දිගින් දිගමට සිදු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    පසුගිය මාර්තු මාසයේ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර පරිශ්‍ර ලක්ෂ 7ක් පරීක්ෂා කළ අතර එහිදී 20%ක ඩෙංගු කීටයන් සිටි පරිශ්‍ර හමු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු ඇසූ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මදුරු මර්දනය සඳහා දුම් ගැසීමේ යන්ත්‍ර 500ක් ගෙන්වා තිබෙන බවත් ඩෙංගු මර්දන කීටයෙක් ඇති කිරීම හා ඩෙංගු මර්දන බැක්ටීරියාවක් ගෙන්වීම කඩිනම් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ළඟදීම මෙරට පැමිණීමට නියමිත අතර එම බැක්ටීරියා තාක්ෂණය පිළිබඳ මෙරට නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමට නියමිත බව ද අමාත්‍යාවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya