මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සුපැන් ප්‍රජා අභිමානී සංසඳ සමුළුව" - 2017

    ජූනි 20, 2017
    නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන "සුපැන් ප්‍රජා අභිමානී සංසඳ සමුළුව" - 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්වීමට නියමිතය.
     
    මෙහිදී වකුගඩු රෝගය ඇති දිස්ත්‍රික් සඳහා ප්‍රතිජල ආශ්‍රිත යන්ත්‍ර 70ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකු 100කට අධික ප්‍රමාණයක් ප්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවැති තරගවලින් ජයග්‍රහණය කළ අය සඳහා ත්‍යාග හා සහතික පිරිනැමීම ද සිදු කෙරේ.
     
    සුපැන් ප්‍රජා අභිමානී සංසද සමුළුවට සමඟාමීව දෙතිනක් පුරා විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව අද (20) ආගමික දිනය වශයෙන් ද, හෙට (21) ශ්‍රමදාන දිනය වශයෙන් ද, 23දා සංස්කෘතික කටයුතු සිදු කරන දිනය වශයෙන් ද නම් කොට ප්‍රජා ජල සංවිධාන හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
     
    දිවයින පුරා විසිරි ඇති ප්‍රජා මූල සංවිධාන 4023ක් අතරින් 3448ක් මේ වන විට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya