මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල අඩු කළ අක්ෂි කාචවල අක්‍රමිකතාවක් - සෞඛ්‍ය ඇමැති

    ජූනි 20, 2017
    අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළ ද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    ජනතාවට ලබාදුන් ලාභය අක්ෂි කාච අළෙවි සමාගම් සහ ඇතැම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් බෙදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
     
    අක්ෂි කාච අළෙවි සමාගම් 38 කින් අළෙවි කරන අක්ෂි කාච වර්‍ෙවල මිල අඩු කළ අතර, ඉන් පාරිභෝගිකයාට හිමිවන්නේ රුපියල් 2000 පමණ ලාභයක් බව අමාත්‍යවරයා සඳහන් කරයි. අක්ෂි කාච මිල දී ගැනීමෙි දී පාරිභෝගිකයාට ඊට වඩා ලාභයක් ලැබිය යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ව විමර්ශණයක් ආරම්භ කර ඇති බව ද සඳහන් කරයි. 
     
    වෛද්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් කර ගත නොහැකි බව සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ව්‍යාපාර සිදු කිරීමේ දී සාධාරණ විය යුතු බව ද පෙන්වා දෙයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya