මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 16ක් ඕමානයේ සිරවී සිටි කාන්තාව දිවයිනට

    ජූනි 20, 2017

    ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කිරීම සඳහා විදේශ ගතවී වසර 16ක් කිසිඳු වැටුපක් ලබා නොදී සිරකරගෙන සිටි කාන්තාවක දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි  ඕමාන් තානාපති කාර්යාලයේ නිළධාරීන් කටයුතු කර තිබේ.

    පානදුර, මොරවින්න ප‍්‍රදේශයේ පදිංචි නාලනී ප‍්‍රනාන්දු මහත්මිය 2001 වසරේ ගෘහ සේවිකාවක වශයෙන්  ඕමාන් රාජ්‍යයට ගොස් ඇති අතර, එතැන් පටන් ඇයට තම ඥාතීන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් පැවැත්වීමට අවස්ථාවක් ලබා දී නොමැත.

    2015 වසර වන විට ඇයගේ ගමන් බලපත‍්‍රයේ කාලය හා වීසා කාලය ඉක්මවා ගොස් තිබූ හෙයින් ඇයව නැවත දිවයිනට එවීම සඳහා ඇය සේවය කළ නිවසේ හිමිකරු  ඕමාන් කම්කරු අමාත්‍යංශයේ සහය පතා ඇත. එම අමාත්‍යංශය විසින් මේ පිළිබඳව  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇති අතර, අමාත්‍යවරියගේ උපදෙස් පරිදි තානාපති කාර්යාලයේ නිළධාරීන් නාලනී ප‍්‍රනාන්දු මහත්මියව තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසය භාරයට ගෙන්වා තිබේ.

    තානාපති කාර්යාලයේ නිළධාරීන් ඇය සේවය කළ ප‍්‍රදේශයට අයත් ජාලාන්බානි අධිකරණයේ නඩුවක් පවරා හිඟවැටුප් ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඒ අනුව  ඕමාන් රියාල් 9130ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ තිස්හයකට ආසන්න මුදලක් හිඟ වැටුප් ලෙස ඇයට ගෙවීමට එකඟ විය. නමුත් පොරොන්දු වූ පරිදි ඔහු විසින් එම මුදල නොගෙවූ බැවින් 2017 වසරේ අධිකරණයේ නඩුවක් පවරා නිවෙස් හිමියා නැවත බන්ධනාගාරගත  තිබේ.

    එහිදී ඔහුට එකවර එම මුදල ගෙවීමට නොහැකි බව දැන්වූයෙන් කොටස් වශයෙන් ගෙවීමට එකඟ විය. ඒ අනුව අධිකරණයේදී පොරොන්දු වූ පරිදි රුපියල් ලක්‍ෂ තුන හමාරක මුදලක් නාලනී මහත්මිය වෙත ගෙවා ඇති අතර, ඉතිරි මුදල රුපියල් හැට දහස බැගින් මාසික වාරිකවලින් ගෙවීමට අධිකරණය නියෝග කරන ලදී. එම කාන්තාව වසර දෙකකට ආසන්න කාලයක් තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි අතර, 2017 මැයි මාසයේදී දිවයිනට ගෙන්වා ගෙන්වා ගෙන ඇත.

    විදෙස්ගත ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රජය ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, විදෙස් රටකදී යම් කරදරයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු කාර්යාංශයට ලබාදීමට කටයුතු කරන ලෙසත් එම ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මකවීමට කාර්යාංශ නිළධාරීන්ට තමන් උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya