මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යයට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

    ජූනි 19, 2017
    මෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබෙන බැවින් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිඳුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
     
    එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට රුකුළක් සපයන්නක් බවත් මෙය මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදීද දක්නට ලැබෙන තත්වයක් බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.
     
    විශේෂයෙන් යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන කාරනා වෙතොත් ඒ පිළිබඳව උපදේශන සේවා ලබාගැනීමේ යාන්ත්‍රනයක්ද  මෙරට තුළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන ක්‍රියාත්මක වේ. 
     
    වයස අවුරුදු 18ට අඩු අයෙකුට මනසට පීඩා ගෙන දෙන යම් ගැටළුවක් වෙතොත් එම ගැටළුව විසදා ගැනීම සඳහා සහය දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැඳී සිටී. ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ මනෝසමාජීය ඒකකයක්ද  ක්‍රියාත්මක වේ. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් වෙතින්ද  එම සහය ඕනෑම ළමයෙකුට ලබාගත හැකිය. 
     
    තමා මුහුණ දෙන විවිධ ගැටළුවලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු සියළු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya