අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබද බාහිර පාර්ශ්ව විමර්ශන වාර්තාව සකස් කිරීමේ වැඩමුළුව අද

    ජූනි 19, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබද බාහිර පාර්ශ්ව විමර්ශණ වාර්තාව සකස් කිරීමේ වැඩමුළුව අද දින (19) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇත.

    කොළඹ, ටී.බී ඡායා මාවතේ පිහිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී වැඩමුළුව ආරම්භ කෙරේ.

    මෙම අවස්ථාවට ආරක්ෂක, නීතිය හා සාමය, කෘෂිකර්ම, ආපදා කළමණාකරණ, විදේශ කටයුතු, නීතිපති දෙපාර්තමේන්තු යන ආයතනවල ප්‍රධානීන් ද සහභාගි වෙයි.

    2007 වසරේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ප්‍රඥප්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ අතර, ඊට රටවල් 193 ක් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාව ද එම ප්‍රඥප්තියට අත්සන් කර තිබේ. ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සකස් කිරීමේ මුලික අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා ඇත් ද යන්න පිළිබදව මෙම වැඩමුළුවේ දී විමර්ශනය කරනු ලබයි. ඒ සඳහා බාහිර පාර්ශ්ව ද එක්වීමට නියමිතය. මෙම වැඩමුළුව ලබන 23 දින අවසන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya