මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවෙන් විපතටපත් ජනතාවට සහායවිමට පැමිණි ඇමරිකානු මානුෂීය සහන කණ්ඩායමට රජයේ ප්‍රණාමය පිරිනමේ

    ජූනි 18, 2017

    ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද (USS Lake Erie) ලේක් ඊරි නෞකාවේ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය ඵල කිරීමේ උත්සවයක් පසුගිය  දා කොළඔ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් හා නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවගේ මානුෂීය සහන කටයුතු සඳහා මෙම නෞකාවෙන් භට පිරිස් 300 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ.

     

    USS ලේක් ඊරි නෞකාවේ කපිතාන් ඩැරන් මැක්ෆසන් විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිස පිළිගත් අතර ඉන් අනතුරුව, සිය කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව තුල සිදු කළ කාර්යභාරය පිළිබඳව ඩැරන් මැක්ෆසන් විසින් හැදින්වීමක් සිදු කළේය.

    මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා එක්සත් ජනපදය ලබා දුන් සහාය කිසිදු මොහොතක අමතක කළ නොහැකි බවයි. ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද ආපදා තත්ත්වය හමුවේ ඇමරිකාව ඇතුළුව ලොව බලවත් රාජ්‍යයන් ලබා දුන් සහාය ඉතා ප්‍රසංශනීය බවද හෙතම කීය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබා ජාත්‍යන්තරය මඟින් එවැනි සහයක් ලැබුණු බවද රවී කරුණානායක මහතා පෙන්වාදුන්නේය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතාද USS ලේක් ඊරි නෞකාවේ භට පිරිස් වෙත ප්‍රණාමය ඵල කර සිටියේය.

     

    ඇමරිකානු සහන කණ්ඩායම ඉකුත් දෙසතිය තුළ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාවගේ ජිවන තත්ත්වය නඟා සිටුවීම සඳහා විවිධ අයුරින් සහාය ලබා දෙනු ලැබිය. පාසල් පිරිසිදු කිරීම, ළිං පිරිසිදු කිරීම, වැව් බැමි පිළිසකර කිරීම, ඒ අතර වේ.

     

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවන එක්සත් ජනපද අරමුදල (USAID) මඟින් රුපියල් මිලියන 350 කට ආසන්න මුදලක් විපතට පත්වූවන්ගේ සහන කටයුතු සඳහා ලබා දී තිබේ. පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා පිරිසිදු කිරීමේ කට්ටල, හදිසි රැකවරණ කට්ටල, නිවාස අලුත් වැඩියා කට්ටල සහ විවිධ රෝග පළවා හැරීමේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා දීම සඳහා මෙම මුදල් ප්‍රදානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya