අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුධිර ප්ලාස්මාව ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා බව සුව ඇමැති පවසයි

    ජූනි 18, 2017

    රුධිරය මිනිස් ජීවිත ආරක්ෂා කිරිමට ඉතා වැදගත් වෙනවා. රුධිරදායකයින් වැඩි කර ගැනීම සදහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක යැයි සෞඛ්‍ය.පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

     

    ජාතික රුධිර පාරවිලයන දින උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙි දී පසුගියදා පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - දිවයින පුුරා ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 ක් යුරෝ මිලියන 22 ක මුදලක් වැය කරමින් ස්ථාපිත කළා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සදහා ඇටමිදුලු බද්ධ කිරීමෙි වැඩපිළීවෙල ද ආරම්භ කර තිඛෙනවා. එවැනි බද්ධ කිරිමක් පෞද්ගලික අංශයෙන් සිදු කර ගන්නේ නම් රුපියල් මිලියන 04 ක් පමණ වැය වනවා. ලියුකේමියා රෝගයෙන් අද රෝගීන් මිය යන්නේ නැහැ. නවීන පහසුකම යටතේ ප්‍රතිකාර කරනවා. මුලික සෛල බද්ධය ආරම්භ කිරිමට අමාත්‍යාංශය පියවර ගෙන තිඛෙනවා. මෙම මුලික සෛල බද්ධයට ඇමරිකා එක්සත් ජනපදය ද විරෝධය පළ කළා. නමුත් එරට හිටපු ජනාධිපති බරක් ඔබාමා එය ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහරගම අපේක්ෂා රෝහලේ මූලික සෛල බද්ධය ආරම්භ කර ඇති අතර, රෝගීන් 09 ක් මෙි වනවිට සුවපත් වී සිටිනවා.”

    "පසුගිය කාලයේ දී අපේ රටේ පෙකෙනි වැල් විනාශ කළා. නමුත් වර්තමානයේ එම පෙකෙනි වැල් ආරක්ෂා කරමින් සෛල බද්ධ කටයුතුවලට ඒවා භාවිත කරනවා. රුධිර ප්ලාස්මාවත් විසි කළා. නමුත් වර්තමානයේ රුධිර ප්ලාස්මාව විදේශීය රටවලට අපනයනය කර ඖෂධ නිෂ්පාදනය කරනවා. එය තාවකාලික පියවරක් පමණයි. ඇමරිකා එක්සත් ජනපදයේ සමාගමක් යෝජනා කර තිඛෙනවා එම රුධිර ප්ලාස්මාව භාවිත කරමින් ලංකාවෙිම ඖෂධ නිෂ්පාදනය කිරිමට. ලේ දන්දීමෙි කඳවුරු සංවිධානය කරන අයගේ දත්ත පරිගණක ගත කිරීමට කටයුතු කරනවා. රුධිර දායකයින් විසින් ලබාදෙන රුධිරය විනාශ කිරීමට කටයුතු කරන්නේ නැහැ. වසර 10 ක් පුරා එය ආරක්ෂා කරනවා.”

    එහිදි පාසල් දරුවන් තුල රුධිර දායකත්වය වැඩි කිරිම සහ රුධිර දායකයින් අගයමින් සම්මාන පිරිනැමිමක් ද සිදු කරන ලදි. ලේ දන්දීමෙි කදවුරු 500 ක් ක්‍රියාත්මක කිරිම අගය කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන ලබාගැනීම විශේෂත්වයක් විය. ලේ දන්දීමෙි වැඩපිළිවෙලට ශ්‍රී ලංකා පොලීසියෙන් ලැබුනු සහයෝගය අගය කරමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ද සම්මානයක් පිරිනමන ලදි.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතා ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya