මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දනයට ඕස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක්

    ජූනි 18, 2017

    ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රෙිලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    එම බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව ඒ පිළිබද පර්යේෂණ කළ ඕස්ට්‍රෙිලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය සදහන් කරයි.

     ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළ් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සදහන් කරයි.

    මේ පිළිබද සාකච්ඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya