නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උණ නම් වේදනානාශක පාවිච්චි නොකරන්න- කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න

    ජූනි 17, 2017

    මේ දිනවල ශීඝ්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යන  බැවින් උණ තත්ත්වයක් පෙන්නුම් කළ විගස වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් කිසිදු අවස්ථාවක වේදනානාශක ඖෂධ වර්ගයක් පාවිච්චි නොකරන ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඒ මහතා ප්‍රකාශ කළේ උණ පවතින අවස්ථාවේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගන්නා විට ද වේදනානාශක ඖෂධ ලබාදී තිබේ යන්න පිළිබඳ විමසීමක් රෝගිය හෝ රෝගියා භාරව සිටින අය විසින් ඇසිය යුතු බවයි.

     

    උණ තත්ත්වයක් ඇති වූ විට පැරසිටමෝල්ට් නියමිත මාත්‍රාව හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකළ යුතු බවත් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

     

    ඩෙංගු රෝගියෙකු වේදනානාශක ඖෂධ ලබාගැනීම ජීවිතය නැතිවීමේ අවධානමකට ලක් විය හැකි බව අවධාරණය කළ ඒ මහතා  විශේෂයෙන් තරුණ පිරිස් මෙම උපදෙස් පිළිපැදීමට උනන්දුවක් නොදක්වන බව ද සඳහන් කළේය. මේ වන විට සිදු වී තිබෙන මරණ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශයක් තරුණයන් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya