ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය පිරිසිදු කිරිම ඊයේ (16) සිදු කෙරිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුලු අධ්යක්ෂවරු මෙන්ම සියලු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටට ආදර්ශයක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කළ බවයි. අනෙකුත් රාජ්‍ය ආයතන, නිවාස සහ පෞද්ගලික ආයතන පිරිසිදු කිරීම මේ අනුව ඉදිරියේදිත් සිදු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.