නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞරාණික තැපැල් කාර්යාල හෝටල්වලට ලබාදීම ආයෝජනයක් - ඇමැති රාජිත

    ජූනි 14, 2017

    පෞරාණික වටිනාකමක් ඇති තැපැල් කාර්යාලවල රටවල් රැසක හෝටල් පවත්වාගෙන යන බවත් ඒ තුළින් විදේශ විනිමය උපයා ගන්නා බවත් සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද  (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වන විට රටපුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේද එවැනි පෞරාණික වටිනකමක් තිබෙන තැපැල් කාර්යාලවල සංචාරක හෝටල් පවත්වාගෙන යන බවත් නුවරඑළිය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය මනාව පිළිඹිබු වීම නිසා සංචාරකයින්ගේ අවධානයට ලක් වූ ස්ථානයක් වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එසේම ගාල්ල කොටුව තැපැල් කාර්යාලය 18 වන සියවසේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා මුලින්ම ඉදි කළ තැපැල් කාර්යාවලින් එකක් වන අතර මහනුවර ද සංරක්ෂණය කළ යුතු පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම ගොඩනැගිලිවල පෞරාණික වටිනාකම ආරක්ෂා කරමින් සංචාරක හෝටල් සඳහා යොදා ගනිමින් විදේශ විනිමය ලබා ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වොෂින්ටන් නගරයේ  ට්‍රාම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය 1899 ඉදිකළ තැපැල් කාර්යාලයක් වන අතර සිංගප්පූරුවේ ද ෆුලර්ටන් හෝටලය 1826 ඉදිකළ තැපැල් කාර්යාලයකි. ජර්මනියේ සොෆිටෙල් මියුනිව් 1964 ඉදි කළ තැපැල් කාර්යාලක් වන අතර ඇස්ටෝනියාවේ ද හොටෙල් ටෙලිග්‍රාෆ්, නවසීලන්තයේ ද ඩිස්ටෙන්වන් ඩියුඩේනින්. ස්වීඩනයේ කෑල්රියන් පෝස්ට් යන හෝටල් ද තැපැල් කාර්යාල පිහිටා තිබූ ස්ථාන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya