නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු පැනවීම මත සිල්ලර වෙළඳපලේ සීනි මිලට කිසිදු බලපෑමක් නෑ - මිල වැඩි කිරීමට හේතුවක් නෑ

    ජූනි 13, 2017

    සීනි සඳහා බදු පැනවීම මත ඉන් සිල්ලර වෙළඳපලේ සීනි මිලට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැතැයි මුදල් අමාත්‍යාංශයේ, සංවර්ධන හා මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත අතපත්තු මහතා ප්‍රකාශ කරයි.

    සීනි මිල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අධ්‍යක්ෂ ජනරල්වරයා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මෙහිදී තවදුරටත් අඳහස් දක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ දිනවල රටේ කතාවක් යනවා, සීනි සඳහා බඳු පැනවීම මත සිල්ලර  සීනි මිළෙහි වෙනසක් වන බවට. රටේ සීනි අවශ්‍යතාවයෙන් සියයට 8%ක් දේශීයව නිෂ්පාදනය වෙනවා.සියයට 92%ක් ආනයනයන මත රැදී පවතිනවා.

     

    ජාත්‍යන්තර වෙළඳපොලේ සීනි මිල ඉහළ පහළ යාම මත,දේශීය උක් ගොවියා හා පාරිබෝගිකයා රැක ගැනීමට එම මිල වෙනස අනුව ආනයන තීරු බදු ගැළපීම සිදු කරනවා.

    ඒ අනුව 2016 වසරේ ශත 25ක තීරු බද්දක් සීනි ආනයනය මත පනවා තිබුණේ. ජාත්‍යන්තර මිල අඩු වෙනකොට ඔක්තෝබර් මාසයේ රුපියල් 2 දක්වා ආනයන බද්ඩහ් වැඩි කළා. 2016 දෙසැම්බර් මාසයේ දී රුපියල් 13 දක්වා වැඩි කළා. 2017 මැයි මාසයේ තවත් රුපියල් 10කින් වැඩි කරලා,දැන් රුපියල් 23ක බද්දක් අයකරනවා. මේ බන්ද අය කිරීම නිසා සිල්ලර වෙළඳපොළේ මිලට කිසිදු බලපෑමක් සිදුවන්නේ නෑ.

     

    රුපියල් 23 දමනකොට ආනයනඉක සීනි කිලෝවක නැව් රක්ෂණ ගාස්තු සහිතව පිරිවැය වන්නේ රුපියල් 69ක්. ඒ නිසා සිල්ලර වෙලඳපොලේ මිල වැඩි වීමකට කිසිදු බලපෑමක් නෑ.දේශීය උක් ගොවියට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් උක් මෙක්ට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 4500ක සහතික මිලක් ලබාදෙනු ලැබුවා යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

     

    මෙහිදී අඳහස් දැක්වූ සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී.එම්. අබේරත්න මහතා; ලෝක සීනි මිල පහළට යන විට ඉන් ආනයනය කරන සීනි වෙනුවෙන් පාරිභෝගිකයන්ට කිසිදු බලපෑමක් වෙන්නේ නෑ. සීනි මිලෙහි වෙනසක් සිදු වන්නේ නෑ. තොග මිල ගණන් එලෙසම පවතිනවා. බේකරි නිෂ්පාදන තේ මිලට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නෑ.


    මෙහිදී අඳහස් දැක්වූ සීනී ආනයනකරුවන්ගේ සංගමයේ ව්‍යාපාරික හේමන්ත ජයලත් මහතා,තේ මිල හා කිරි තේ මිල ඉහළ යන බව ඇතැම් සංගම් ප්‍රකාශ කළා. සිල්ලර මිලෙහි වෙනසක් සිදු නොවි එළෙස කිරීම අසාධාරණයි. කිසිම හේතුවක් නෑ, මිල වැඩි කරන්න. මෙය මහජනතාව අපහසුතාවයට කරන වැඩක් යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya