නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩභාර ගනී

    ජූනි 13, 2017

    ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් උපාලී මාරසිංහ මහතා සිය ධූරයේ ඊයේ (12) වැඩභාර ගත්තේය.

    ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ උපාලි මාරසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රාස්තිපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ලබා ගන්නා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥරයකුද වේ. අධ්‍යාපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර සහ විවිධ උසස් තනතුරු දැරූ උපාලි මාරසිංහ මහතා රසායනික විද්‍යාව සහ ඵලදායිතාව පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් රචනා කර තිබේ. 2011 වසරේදී ඵලදායිතාව පිළිබඳ ආසියානු සංවිධානයේ ඵලදායිතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඒ මහතා සමත් විය.

    ඛනිජ තෙල් අමාත්‍යාංශය කියන්නේ මේ රටේ වැදගත්ම අමාත්‍යාංශයක් බවත්  ඉදිරියේදී ඉන්ධන සම්පත අපට සොයා ගැනීමට හැකි වුණොත් එය අපේ අමාත්‍යාංශය රටට දෙන වැදගත්ම දෙයක් වන බවත් මෙම අවස්ථාවට එක් වූ ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    ඒ තුළින් මෙරට ආර්ථිකය වෙනත් දිශාවකට යොමු  කිරීමට හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමෙන්ම අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දියුණුකර ලාභ ලබන තත්ත්වයකට පත් කර රටේ සම්පත් ආරක්ෂා කරන තැනකට යොමු විය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීනී පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya