ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් මිනුම් රසායනාගාර, වෛද්‍ය රසායනාගාර, සහතික කිරීමේ ආයතන සහ පර්යේෂණ ආයතන වැනි ආයතනවලට අනුකූලතා තක්සේරු කරමින් ප්‍රතීතනය ප්‍රදානය කරයි. දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල තුළට තරගකාරී ලෙස භාණ්ඩ හා සේවා නිකුත් කිරීමේදී එම භාණ්ඩ හා සේවාවල තත්ත්වය සහ අනුකූලතා තක්සේරුව, පිළිබඳව පාරිභෝගිකයාගේ විශ්වාසය තහවුරු කරගැනීම සඳහා ප්‍රතීතනය ඉවහල් වේ. අන්තර්ජාතිකව පිළිගත් තුන්වන පාර්ශවයක් මඟින් ලබා දෙන අනුකූලතා තක්සේරුවක් ලෙස ප්‍රතීතනය පාරිභෝගික විශ්වාසනීයත්වයට වැදගත් සාධකයක් ලෙස සැලකේ.
පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ වඩාත් අවධානයට යොමු වූ කරුණක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත පරිසරය ගොඩනැඟීම පිළිබඳ ව හඳුන්වා දියහැකිය. නිසි ප්‍රමිතියක් මත ආරක්ෂිත ඉදිකිරීම් පිළිබඳ ව එහිදී වඩාත් කතාබහට ලක් වූ අතර මෙවර ප්‍රතීතන දින ප්‍රධාන තේමාව මෙම ක්ෂේත්‍රය සමග සෘජු ලෙස සම්බන්ධ වූ එකක් වීම ඉතා වැදගත් කොට සැලකිය හැකිය.
සැමරුම් උත්සවයේදී ප්‍රතීතනය සහ අනුකූලතා තක්සේරු ක්‍රම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළට යොදා ගැනීම පිළිබඳ ව විශේෂ දැනුවත් කිරීමේ තාක්ෂණික සම්මන්ත්‍රණයක් සහ ප්‍රතීතන සහතික ප්‍රදානය කිරීමක් ද සිදු කෙරේ.