පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 18 - 01 වගන්තිය යටතේ සුදු සීනි, නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් ඇති බව එම අධිකාරිය සඳහන් කරන අතර ම එබැවින් සුදු සීනි මිල ඉහළ නැංවීම පනත උල්ලංගණය කිරීමක් බවත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ද දැනුවත් කර ඇති බව පෙන්වා දෙන පාරිභෝගික සේවා අධිකාරිය එසේ සුදු සීනි මිල ඉහළ නංවන්නේ නම් ඒ සඳහා අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු බවද පෙන්වා දෙයි.