අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වැලිගම ආසනයට බලපෑ ව්‍යසන තත්ත්වය පිළිබඳව සොයාබැලීම පිණිස වැලිපිටිය සහ වැලිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි පැවති විශේෂ නිරීක්ෂණයකට සහභාගි වෙමිනි.
දිවයිනට බලපෑ ව්‍යසන තත්ත්වය පිළිබඳව සොයාබලා කටයුතු කිරීම පිණිස ආසනයට එක් අයෙකු බැගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පත්කිරීමේ වැඩසටහනට සමගාමීව වැලිගම ආසනය පිළිබඳව සොයාබලා කටයුතු කිරීම පිණිස ජනාධිපතිතුමන් විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාව පත්කර තිබේ.
නැති වූ මිනිස් ජීවත හැර අනෙකුත් සියලු දේ ලබාදීමට රජය කටයුතු කරන අතර භෞතික සම්පත් මෙන්ම විපතට පත් ජනතාවගේ මානසික සුවය ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ආපදා තත්ත්වයෙන් විදුලි විසන්ධි වීම් වැඩිවශයෙන් මාතර දිස්ත්‍රික්කයට සිදු වූ අතර මේ වන විට 99%ක් යථා තත්ත්වයට පත් වී තිබෙන බවත් ඉතුරු වසන්ධිවීම් ද කඩිනමින් යථා තත්ත්වයට පත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.