අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) ගාල්ල නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආපදා සහන සේවා සැපයීමේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක් අතරතුරදී ය.
"ගංවතුර අවස්ථාවේ වැඩිපුරම ආපදාවට ලක්වූයේ සාමාන්‍ය පුද්ගලයන්. ඉන් වැඩි පිරිසක් වැවිලි ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍රයන්හි සේවය කරමින් දෛනිකව සුළු ආදායම් ලබපු අය. තවත් පිරිසක් රජයේ සහ පුද්ගලික ආයතනවල සේවය කරපු අය. ඔවුන් බොහෝ දෙනකුගේ සියලු සේසත නැති වුණා. ඉතිරි වුණේ ඇඳිවත පමණයි. මේ අය වැඩි පිරිසකට තමන්ගේ ආදායම් මාර්ග තවමත් ආරම්භ කරන්න බැරුව ඉන්නවා. මේ තත්ත්වයෙන් ඔවුන් මුදවාගන්නට රජයක් ලෙස අපි උපරිම දායකත්වය ලබාදෙනවා".
"මේ වැඩි පිරිසක් තමන්ගේ පුංචි ව්‍යාපාරවලට, ස්වයං රැකියාවලට, එහෙමත් නැත්නම් පොඩි වගාවකට, බයිසිකලයක් ගන්න, නිවස හදාගන්න ණය අරගෙන තිබෙනවා. අපේ අහිංසක දුප්පත් ජනතාව තමන්ගේ ජීවිතය ගොඩනගාගන්නේ බැංකුවලට ණය වෙලා බොහොම දුක් මහන්සියෙන් බව අපි දන්නවා. ඉතින් මේ වෙලාවේ මේ ණය ගෙවන්න අපහසුතා ඇතිවෙනවා. මා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමග සාකච්ඡා කළා රාජ්‍ය බැංකුවලින් ණය අරගත්තු ආපදාවට ලක්වූ අයට යම් කිසි සහනයක් ලබා දෙන්න. එය ඉක්මණින් ක්‍රියාත්මක කරන්න අපිට හැකිවේවි" යැයි ද අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක, සංජීව් කරුණාතිලක, ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර, නියාගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුමාර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් එක් වූහ.