ගංවතුර හා නාය යාම් හේතුවෙන් විපතට පත් ජන ජීවිත හා ප‍්‍රදේශ නැවත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක නගර සැලසුම් හා ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කළුතර නැවත ගොඩනැගීමේ කටයුතු බාර අමාත්‍යවරයා ලෙසින් පත්කර ඇත.
දැනට ක්‍රියාත්මක කෙරෙන සුබසාධන සහන සේවා එලෙසම පවත්වාගෙන යාමටත් එහිදී ඇතිවන දුෂ්කරතා වලට පිළියම් යෙදීමටත් අවශ්‍ය යටිතල පහසුකම් නොපමාව සැපයීමටත් අවශ්‍ය තීරණ රැසක් මෙහිදී ගනු ලැබීය.
එමෙන්ම වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි ඩෙංගු රෝගය වර්ධනය පාලනය කිරීමේ කඩිනමි වැඩසටහනක් ද දිස්ත්‍රික්කය පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෙහිදි සියල්ලන්ගේම විශේෂ අවධානයට ලක් වූ අතර ඉදිරි දින 7තුළ දිස්ත්‍රික්කය පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් විශේෂ ශ‍්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කාර්යාය මණ්ඩලයේ සහායද, අවශ්‍ය ගලි බවුසර්, වතුර පොම්ප ලබාදීමටත් හානියටපත් ප‍්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා ඉටුකිරීමට පානීය ජල බවුසර් හා වතුර ටැංකි ලබාදීමට ද අමාත්‍යවරයා එකඟ වූ අතර එයට අමතරව විවිධ ස්වෙච්ජා සංවිධානවල සහාය ලබාදීමටද කටයුතු කර තිබේ.
මෙවැනි ආපදා තත්ත්වයන් ඇති වීම වැළැක්වීමට හෝ එම තත්ත්වයන් අවම කිරීම වෙනුවෙන් ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දෛනික ආදායම් හා සුළු ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා විශේෂ අවධානය යොමු කර තිබෙන බවත්
සියලු ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ ශක්තිය රජයට තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ජාව සඳහා නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහිලාල් සිල්වා ඇතුලුව කළුතර දිස්ත්‍රිරක් ලේකම් කාර්යාලයේ ද ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරින් ඇතුලුව සහනසේවාවල යෙදී සිටින ත්‍රිවිධ හමුදා හා පොලිස් නිළධාරින් ද සහභාගී වූහ.