නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා මැරීන් භටයන් මොරවක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්වල

    ජූනි 03, 2017

    පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් මේ වන විට එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම් වල නිරත වෙමින් සිටී.

    ඒ අනුව, මොරවක නගරය ආශ්‍රිත ප්‍රදේශයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා මැරීන් බලකා සාමාජිකයන් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇත. ඔවුහු මේ වන විට අබලන් වී ඇති ඉලුක්පිටිය, උවරගල පාලම පිළිසකර කිරීමේ කටයුතු සිදු කරමින් සිටී. තවද, ඔවුන් මොරවක, නයා මුල්ල, ගල්දොල සහ පැලවත්ත යන ප්‍රදේශයන්හි අපවිත්‍ර වී ඇති ළිං සහ මහා මාර්ග  පිරිසිදු කිරීමේ කාර්යයන්හි ද නිරත වී සිටිති.

    SLnavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya