නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන් ජනතාවගේ සහනයට රජයෙන් රුපියල් මිලියන 166ක් - තවදුරටත් මුදල් වෙන් කෙරේ

    ජූනි 03, 2017

    ගංවතුර සහ නායයෑම් වලින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රජය රුපියල් මිලියන 166 ක්  ආපදාවට ලක්වූ දිත්‍රිත්‍රික්ක ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    ඒ අනුව මෙම මුදල් දිස්ත්‍රික්  මහලේකම්වරයගේ සෘජු අධීක්ෂණය යතේ ප්‍රාදේශීය ලේකම්වරු විසින් විපතට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සැපරීම වෙනුවෙන් වැයකරනු ලැබේ. ප්‍රාදේශීය වශයෙන් අවශ්‍යතා සොයාබැලීම සහ  ආපදා සහන සේවා සම්බන්ධීකරණය ආපද සහන සේවා නිළධාරීන් විසින් සිදු කෙරේ.


    කඳවුරුවල හා තම නිවෙස්වල හෝ ඥාති නිවෙස්වල ජීවත්වන විපතට පත් ජනතාවට අවශ්‍ය පිසූ අහාර වියළි ආහර ලබාදීම  සනීපාරක්ෂක ද්‍රව්‍ය,ළඳරු ආහාර සහ කිරිපිටි ඇතුළු විපතට පත් ජනතවගේ මූලික අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් මේ දක්වා මෙම මුදල් වැය කරන ලද බව ආපදා කළමනාකරණ මධ්යස්ථනය පවසයි. තවදුරටත් අවශ්‍ය මුදල් වෙන් කිරීම අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරයි.

    එසේම හානියට පත් කිසියම් අයෙකුට රජය මගින් ලබාදෙන සහන නොලැබේ නම් ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශ සහ අදාළ ප්‍රාදේශිය ලේකම්තුමාගේ අනුමැතියෙන් දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කරන ලෙසත් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍යනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය වෙත යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

    එසේම චීනය, ඉන්දියාව, පාකිස්ථානය ජපානය යන රටවලින් මේවන විටත් ආධාර ලංකාවට ලැබී ඇති අතර මානුෂීය ආධාර සපයන ජාත්‍යන්තර සංවිධාන විසින් රජයට විවිධ ආධාර ලබාදී ඇත.මේ සියලු අධාර විපතට පත් ජනතාවට ලබාදීමට කටයුතු කෙරෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya