ආපදාවට පාත්‍ර වූ ප්‍රදේශයන්හි හා ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් යළි යථා තත්වයට පත් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වාර්තා සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා මහබැංකුව සහ ජාතික ප්‍රතිත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසිනි. අන්තර්කාලීන වාර්තාවන්හි සම්පිණ්ඩනයක් ඒකනායක මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත දුරකථනයෙන් දන්වන ලදී.
වාර්තාවන් මගින් නිර්දේශිත ක්‍රියා මාර්ග ඉටු කරලීම සඳහා අයවැය රාමුව තුළ සිදු කළ හැකි සියළුම කඩිනම් පිළිවෙත් අනුගමනය කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන විදේශීය සංවර්ධන මුල්‍ය ආයතන මගින් ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කරන ලෙසත් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුනි.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ආදී ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සම්බන්ධ ආයතන නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට දින නියම කර ඇත.
විපතට පත් ජනතාවගේ ණය සහන කාර්යයන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුව වෙත මුදා හැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබේ.
ආපදාවට පාත්‍ර වූ ප්‍රදේශයන්හි හා ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් යළි යථා තත්වයට පත් කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලීම උදෙසා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇත.
දිවයින පුරා ආපදාවට පත්වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා පූර්ණ වාර්තාවක් මේ මස 15 දා දහවල් 12.00 පෙර ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට සහ ජාතික සැලසුම් අධ්‍යක්‍ෂවරයාට අද උපදෙස් දුන්නේය.