නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ව්‍යසන ගැන සිතිය යුතු අවස්ථාවක් - රාජ්‍ය ඇමැති ඩිලාන්

    ජූනි 02, 2017

    ස්වභාවික ව්‍යසනයකදී හා ඊට පෙරත් පසුවත් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සිතා බැලීමට රජයට අවස්ථාවක් උදා වී ඇතැයි මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

    අනාගතයේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් මතු වුව හොත් ඊට මුහුණ දීම සඳහා සැලැස්මක් සැකසීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සඳහා බංග්ලාදේශය වැනි රටවලින් ආදර්ශ ලබා ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya