වරායේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා වෘත්තීය සමාගම් ඇතුළු සියලු පාර්ශවයන් සමඟ කටයුතු කිරීමට සූදානම් බවත්, දේශපාලන මතිමතාන්තරයකින් තොරව ආයතනික වශයෙන් හා රටක් ලෙසින් පෙරට යාමට සාමුහිකත්වය ඒකාරාශීව අත්වැලි බැඳගත යුතු බවත් පැවසීය.
එසේම සියලු වෘත්තීය සමාගම් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා අනාදිමත් කාලයක සිට කීර්තියක් උසුලන වරායේ බත්පතෙහි ගුණාත්මක භාවය ඉහළ නංවාලීමට මෙන් ම සේවක සුභාසාධක වර්ධනය කිරීම තුළින් කාර්යක්ෂමතාව නංවාලීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා දායකයන් වෙත ප්‍රශස්ත සේවාවක් ලබාදීමේ අරමුණින් බහලු මෙහෙයුම් මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන ඇත. ඒ යටතේ වර්ග මීටර් 5100ක ප්‍රමාණයකින් යුතු මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රතිඅපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් කිරීම සඳහා වූ පහසුකම් වඩා පුළුල් කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය උපයෝගිකරගනිමින් ඉදිකර ඇත. ගිනි අවදානම් හඳුනාගැනීමේ නූතන උපාංග පද්ධතියකින් ද ගුදම් කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් ඇතුළු ලෝකයේ තරගකාරී වරායන් සතු ගුණාත්මක හා ඵලදායිතාවයෙන් අනූන බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයක් සතු සියලු අංගෝපාංගයන්ගෙන් මෙම CFS -1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය සමන්විත වේ.
මෙහි අන්තරායකර නැව් බඩු මෙහෙයුම් කටයුතු සඳහා වර්ග මීටර් 1000ක වපසරියක් හා සාමාන්‍ය නැව්බඩු මෙහෙයුම් කටයුතු සඳහා වර්ග මීටර් 4000ක් වෙන් කර ඇත.