නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන ආහාර සළාක මුදල ඉහළ දැමේ

    මැයි 30, 2017

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන පිසින ලද ආහාර සහ වියළි ආහාර සළාක දිමානාව ( මුදල)  ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.


    ඒ අනුව රුපියල් 225ක් වූ පිසින ලද ආහාර වෙලක මුදල රුපියල් 300 දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවැසීය.

    එමෙන් ම වියළි සළාක දීමනාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව, එක් සමාජිකයකුට ලබාදුන් රුපියල් 700ක වියළි සළාක මුදල රුපියල් 900 දක්වා ද, සාමාජිකයන් දෙදෙනෙකු සඳහා රුපියල් 900 තිබූ මුදල රුපියල් 1200 දක්වා ද, සාමාජිකයන් 03 වෙනුවෙන් ලබාදුන් රුපියල් 1100ක මුදල රුපියල් 1400දක්වා ද, සාමාජිකයන් 3ක් සඳහා ලබාදුන් රුපියල් 1300ක මුදල රුපියල් 1500ක් දක්වා ද, සාමාජිකයන් 4ක් සඳහා ලබාදුන් රුපියල් 1500ක මුදල රුපියල් 1800 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya