නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් නිවසකට ලක්ෂ 25ක වන්දියක්

    මැයි 30, 2017

    ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සෑම නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක උපරිමයට යටත්ව වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (30) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය.


    අතිගරු ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැති ආපදා කළමනාකරණ පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරය කීය.

    එමෙන් ම රක්ෂිත ප්‍රදේශවල නවසර පදිංචිකරුවන් ඉවත් කර විකල්ප ස්ථාන ලබාදීම කෙරෙහිද රජය තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya