නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනාශය වූ නිවාස පිළිසකර කිරීමට "සෙවණ අරමුදල" ට දායකවන්න

    මැයි 30, 2017
    ඉකුත් දින කිහිපය තුළ දිවයින පුරා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ නිවාස පිළිසකර කිරීම උදෙසා "සෙවණ අරමුදල" වෙත මුදල් පරිත්‍යාග කරන ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    දැනට සිදු ව ඇති හානි පිළිබඳ ව නිසි තොරතුරු එක්රැස් කොට අදාළ නිවාස පිළිසකර කිරීමට අවශ්‍ය තක්සේරු ලබාගැනීම රජය විසින් සිදු කරනු ඇත. මෙකී පිළිසකර කටයුතුවලට රජයේ මුදල් මෙන් ම පරිත්‍යාගශීන්ගේ මූල්‍ය දායකත්වය ලබාගැනීමටඅමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂා කරයි.
     
    මෙම සද් ක්‍රියාවට දායකවීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට හෝ ආයතනවලට මහජන බැංකුවේ අංක 204100140003931 දරණ ගිණුමට මුදල් බැරකළ හැකි බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
     
    තම ශක්ති ප්‍රමාණයෙන් ඒ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වන අතර එම මුදල් 100%ක්ම ආදායම් බද්දෙන් නිදහස්ය.
     
    ආපදාවට ලක් වූ නිවාස පිළිසකර කිරීම සඳහා සෙවණ අරමුදල හරහා මුදල් එක්රැස් කිරීමට සඳහා අමාත්‍යවරයා ලබා දී ඇති උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මේ පිළිබඳව වැඩිවිස්තර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල් ) වෙතින් දුරකතන අංක 0718 047 526 ඔස්සේ ලබා ගත හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya