ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ උසස්වීම් සඳහා ලේඛන පරීක්ෂාව ලබන මස 02 , 05, 06 හා 12 දින වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ආපදා තත්වය හේතුවෙන් සහභාගී විය නොහැකි යම් නිලධාරියෙකු වේ නම් 011-2786252 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එසේම ලබන ජුනි මස 02 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් පාසල් බටහිර සංගීත හා නැටුම් තරගය නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.