නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''නොසිඳෙන දයාව'' සමඟ සමෘද්ධීය එක්වේ

    මැයි 29, 2017

    ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ ''නොසිඳෙන දයාව'' ව්‍යාපෘතිය හා එක් වෙයි.

    ඒ අනුව අවතැන් වූ ජනතාවට ලබා දීමට අපේක්ෂිත සියළුම අධාර දිවයිනපුරා පිහිටි 1074 වූ ඔබට ළඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මෙම අධාර බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

    වියලි ආහාර,අලුත් ඇදුම්පැලදුම්, ළඳරු ආහාර, බෙහෙත් ද්‍රව්‍ය,ජල බෝතල්,සනීපාරක්ෂ ද්‍රව්‍ය අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය වී තිබෙන අතර ලැබෙන සියළුම අධාර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ ''නොසිදෙන දයාව'' ව්‍යාපෘතිය සමඟ එක්ව අවතැන් ජනතාව වෙත කඩිනමින් බෙදා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya