සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මෙම අධාර බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
වියළි ආහාර,අලුත් ඇදුම්පැලදුම්, ළඳරු ආහාර, බෙහෙත් ද්‍රව්‍ය,ජල බෝතල්,සනීපාරක්ෂක ද්‍රව්‍ය අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය වී තිබෙන අතර ලැබෙන සියළුම අධාර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව මගින් ක්‍රියාත්මක නොසිඳෙන දයාව ව්‍යාපෘතිය හා එක්ව අවතැන් ජනතාව වෙත කඩිනමින් බෙදා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.