එහි බලපෑම හේතුවෙන් දිවයින හරහා අහස වළාකුළින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන් අපේක්ෂා කළ හැක.
දිවයිනේ(විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා තද සුළං ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක.
උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.