නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා සෞඛ්‍ය සේවා සඳහා රුපියල් මිලියන 06ක්- සෞඛ්‍ය සේවා ක්‍රියාත්මකයි

    මැයි 28, 2017

    ආපදාවට පත් වූ ජනතාවගේ සෞඛ්‍ය සහන සේවා සඳහා රුපියල් මිලියන 06ක් නිඳහස් කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (28) කොළඹ,ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මේ බව පැවසී ය.

    මේ වනවිට සියලු සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් ආපදා පවතින ස්ථාන කරා පිටත් කර යවා තිබෙන බව කී අමාත්‍යවරයා, අත්‍යවශ්‍ය සියලු ඖෂධ කිසිදු හිඟයකින් තොරව ලබාදෙන බව පැවසී ය.

    ගංවතුර ත්ත්වය නිසා බෝ වන රෝග අවදානම වැළැක්වීම සඳහා සියලු පියවර ගෙන තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සඳහා ප්‍රාදේශීය වසංගත රෝග අංශ සෞඛ්‍ය නිලධාරීන් යොදවා තිබෙන බව කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya