නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර ගැන ඉදිරි දින දෙක තීරණාත්මකයි

    මැයි 28, 2017

    වර්ෂාව හේතුවෙන් පවතින ගංවතුර අවදානම හෙට (29) සහ අනිද්දා (30) ඇදහැලීමට ඉඩ ඇති වර්ෂාවේ ප්‍රමාණය මත ගංවතුර අවදානම ඉහළ යාම හෝ පහළ යාම තීරණය වනු ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එම්. තුරෙයිසිංහම් මහතා පවසයි.

    අද (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ය.

    තවදුරටත් අඳහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේවනවිට කළණි ගඟ, කළු ගඟ සහ ගිංග ගඟ ජල මට්ටම පහළ බසිමින් පවතින නමුත් ඉදිරි දින කීපය තුළ වර්ෂාව ඇඳ හැළුණ හොත් මේ පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතු බව පැවසී ය.

    මේ වනවිට පවතින තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya