නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑම අවදානම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ

    මැයි 28, 2017

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනට ක්‍රියාත්මක නාය යෑම් අනතුරු ඇගවීම ඉදිරි පැය 24 දක්වා ද ක්‍රියාත්මකව පවතින  බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ (නාය යෑම් හා අවධානම් පර්යේෂණ )ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

    අධ්‍යක්ෂවරයා මේ බව අද (28) ප්‍රකාශ කළේ, කොළඹ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. දිස්ත්‍රික්ක 07ක මෙම අනතුරු ඇගයීම ක්‍රියාත්මක වෙයි.රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවර එළිය එම දිස්ත්‍රික්ක හතයි. හැකි තරම් අවදානම් ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya