මෙම හදිසි ආපදා තත්ත්වය යටතේ ග්‍රාමසේවා වසම් 337 ක පවුල් 28,270 කට අයත් පුද්ගලයන් 114,161ක් දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. පූර්ණ වශයෙන් නිවාස 90කට හානි සිදුවී ඇති අතර නිවාස 260 ක ට අර්ධ හානි සිදුව තිබේ.
මේ වන විට බද්දේගම, ඇල්පිටිය යන ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් ඇත. විපතට පත්ව සිටින ජනතාව සඳහා සහන සේවා කඳවුරු 11 ක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යනු ලබන අතර සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.