ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ජල හදිසි ගං වතුර තත්ත්වය යටතේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදා හරින පොම්ප පද්ධතිය ගලවා ඉවත් කිරීමට සිදු විය හැකි බව ගාල්ල ජල හා ජල ප්‍රවාහන මණ්ඩලය අනතුරු අගවයි. මේ නිසා අහංගම, හබරාදූව, අක්මීමණ, බෝපෙ පෝද්දල , රත්ගම යන ප්‍රදේශයන්හි ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ අත්හිටුවීමට සිදු විය හැකි බැවින් හැකි උපරිමයෙන් ජලය රැස්කර තබා ගන්නා ලෙස පාරිභෝගික මහජනතාවගෙන් ඉල්ලා සිටියි.