බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වල (මි.මි. 75 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
අනෙකුත් පළාත්වල (විශේෂයෙන්ඌව සහ නැගෙනහිර පළාත්වල) සවස්කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50-60 දක්වා වනතරමක් තද සුළං බලාපොරොත්තු වේ. වැසි ඇතිවන අවස්ථා වලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැකි බවද අද (28) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.