මේ වන විට ඉන්දීය සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින බවත් ඔවුන් සහන සේවා කටයුතුවල මේ වන විට නියැලී සිටින බවත් සෙවීම් සහ ගැලවීම් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් සහන කණ්ඩායම් 98ක් නාවික නිලධාරීන් 594ක් මෙහෙයුම් කටයුතුවල නිරත වෙති.
අද සවස වන විට ජල ගැලීම්වලට හසු වූ පුදගලයින් 3118කගේ ජිවත බේරා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂක සුජීව සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
අද දිනය වන විට ආරක්ෂක හමුදාව විසින් පුද්ගයින් 1112කදී ජීවිත බේරා ගැනීමට සමත් වී තිබේ. ගුවන් හමුදාව විසින් අද දින පුද්ගයන් 9කගේ ජීවිත බේරා ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර සලාක බෙදාදීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රෝෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. බලඇණි 15ක් යටතේ හමුදා නිලධාරීන් 1500ක් සහන සේවා මෙහෙයුම් යෙදී සිටිති.