අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් ජනතාවට මුදවා ගැනීමට ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1500ක්

    මැයි 27, 2017

    අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සහන සේවා සහ ජීවිත ගලවා ගැනීමේ ක්‍රියාන්විත මෙහෙයුම් මේ වන විට හමුදා සමාජිකයන් 1500ක් පමණ පිරිසක් යොදා තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක රෝෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    අද (27) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ  අතර පසුගිය 24 වැනි දින සිට සේනාංක දෙකක බලඇණි 15ක් මෙලෙස සහන සේවා කටයුතුවල යෙදී සිටි.

    රත්නපුර කළුතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ කරා ළඟාවීමේ අපහසුතා තිබෙන බව සඳහන් කළ හමුදා ප්‍රකාශවරයා සන්නන්ධ රථ උපයෝගි කර ගනිමින් මේ අවස්ථාව වන විට ළඟාවීමට නොහැකි වූ ප්‍රදේශ වන පිටබැද්දර, පාහියන්ගල විපතට පත් ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටින බව ද පැවසීය.

    මීට අමතරව රත්නපුර ප්‍රදේශයේ ජනතාවට වෙත පිසින ලද ආහාර පාර්සර් 3000ක් ලබාදීමේ කටයුතු සිදු කරයි.

    නාවික හමුදාව විසින් ජීවිත ගලවා ගැනීම සඳහා යාත්‍රා 68 යොදා ගනිමින් නිලධාරීන් 400කගේ දායකත්වයෙන් ප්‍රද්ගලයින් 1854ක් ගලවා ගැනීමට සමත් වූ බව නාවික හමුදාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( මාර්ග මෙහෙයුම්) සුජීව සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නේය.

    ගුවන් හමුදාව විසින්ද ගුවන් යානා 6ක්. හෙලිකොප්ටර් යානා 6ක්, නිරීක්ෂණ ගුවන් යානා 1ක් ආපදා සහිත ප්‍රදේශ නිරීක්ෂණ කරමින් ජනතාව මුදවා ගැනීමට කටයුතු සිදු කරයි.

    මේ වන විට ජීවිත අවධානමේ සිටි 25 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකි වී තිබෙන බව ගුවන් හමුදාවේ ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya