අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන සැලසීම සඳහා රජයෙන් රුපියල් මිලියන 150ක්

    මැයි 27, 2017

    දිවයිනේ දිස්ත්‍රික්ක 7ක හට ගෙන ඇති ගංවතුර සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කොට ඇති බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    රජය මීට පෙර මේ සඳහා වෙන කොට තිබුණේ රුපියල් මිලියන 45කි.

     

    විපතට පත් ජනතාවගේ ජීවිත හා දේපොළ හානී පිළිබඳව රජය විසින් ගෙවනු ලබන වන්දි මුදල් ප්‍රමාණයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන සඳුදා ප්‍රකාශයට පත්කරනු ඇති බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya