අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධාර රත්මාලන මධ්‍යස්ථානයට ලබා දෙන්න

    මැයි 27, 2017

    ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (27) පැවති මාධ්‍ය පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර අපදාවට පත් වූ ජනතාවට සහනාධාර ලබාදීමේ කටයුතු ක්‍රමවත්ව සිදු කෙරෙන බව ද සඳහන් කළේය.

    පානීය ජලය, වියළි ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග, ඇද ඇතිරිලි, කාන්තා සමීපාරක්ෂ ද්‍රව්‍ය යනාදී ද්‍රව්‍ය එම ස්ථානය වෙත ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළේය.

    එම ද්‍රව්‍ය බෙදාදීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලින් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya