අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති ගයන්ත ආපදාවට පත්වූවන්ගේ සහන සේවා නිරීක්ෂණය කරයි

    මැයි 27, 2017

    ගාල්ල බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙහි ගංවතුරින් විපතටපත් පවුල් හා අවතැන්ව සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියේය.

    ආපදාවට පත්වූවන් සඳහා පවත්වාගෙන යන ගා/ කොටගොඩ කණිෂ්ඨ විද්‍යාලය, ගෝණපුර ප්‍රජාශාලාව සහ බොරළුගොඩ විහාරස්ථානය සහන කඳවුරු ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඒවායේ පවතින අඩුපාඩු සොයාබලා කඩිනමින් පහසුකම් සලසන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    අනතුරුව විපතට පත්වූවන් වෙත ආහාර පාන බෙදාදීම ද සිදුකළ අතර නව අමාත්‍යාංශයේ වැඩභාර ගැනීමෙන් පසු අමාත්‍යවරයා සිදු කළ ප්‍රථම ජනතා සේවය මෙය විය.

    මේ අවස්ථාව සඳහා බද්දේගම එ.ජා.ප නව සංවිධායක ලෙස පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සහ බද්දේගම ප්‍රදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය ඇතුලු නිලධාරීහු පිරිසක් ද එක්වූහ.

     

    gayantha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya