අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ආරක්ෂාවට පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ වැඩසටහනක් අද

    මැයි 27, 2017

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීම තුළින් ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවැන්න 2017 මැයි මස 27 දින (සෙනසුරාදා) හෝමාගම ජනාධිපති විද්‍යාලයේ දී පැවැත්වේ.

    ළමා අපයෝජනවලින් ආරක්ෂාවීම පිළිබඳව ළමුන් දැනුවත් විය යුතු තොරතුරු පාසල් මාධ්‍ය ඒකක හරහා පාසල් ගත කිරීම මෙම විශේෂ වැඩසටහනේ මූලික අරමුණයි. මෙම වැඩමුළුව තුළදී ළමා අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳව පාසල් මාධ්‍ය ඒකක සමාජිකයන් දැනුවත් කෙරෙන අතර , ඒ සඳහා ජනමාධ්‍ය භාවිත කළ හැකි අන්දම පිළිබඳව ද විශේෂ දැනුවත්භාවයක් ලබා දීමට ද නියමිතය.

    විශේෂයෙන් මෙහිදි  ළමා ආරක්ෂාව විෂයට අදාළව පාසල් මාධ්‍ය ඒකක මගින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රවෘත්ති වැඩසටහන්, සම්මුඛ සාකච්ඡාමය වැඩසටහන් හා වාර්තා වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව හා මුද්‍රිත මාධ්‍ය භාවිතය පිළිබඳව සුවිශේෂි පුහුණුවක් ලබා දීමද සිදු කරයි.

    වැඩසටහන සඳහා "ළඟම පාසල හොඳම පාසල"  ව්‍යාපෘතියට අයත් පාසල් 27ක මාධ්‍ය ඒකකයන්හි සිසු සිසුවියන් හා ගුරුභවතුන් සහභාගී වීමට නියමිත අතර සම්පත් දායකත්වය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් , අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවලින් ලබාදීම සිදු කරයි.

    මෙම ව්‍යාපෘතියේ පළමු වැඩසටහන පසුගිය 20 වන දින කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දී  පැවත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya