ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා හේතුවෙන් විභාග කල් යයි

    මැයි 26, 2017

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  හෙට (27) සහ අනිද්දා (28) පැවැත්වීමට නියමිත විභාග  කල්දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    ඒ මහතා සඳහන් කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද වාර්තා අනුව මෙම තීරණය ලබාගත් බවයි.

    හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2016 (2017),  සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය 2016 (2017) විභාගය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ක්ෂේත්‍රගත/ කාර්යාලගත ඛණ්ඩ 2 සේවා ගණයේ උපදේශන නිලධාරී  තනතුරේ 2 ශ්‍රේණියට බඳවා ගැනිම සඳහා වන විවෘත තරඟ විභාගය 2016 (2017) සහ ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ (දෙවර්ෂ) පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ තරඟ විභාගය 2017 (2018) විභාගය ඒ අනුව කල්දමා ඇත.

    එසේම අනිද්දා (28) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2016 (2017)විභාගය ද එදින නොපැවැත්වේ.

    මෙම විභාගයන් නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම්දෙනු ලබන අතර දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශපත්‍ර අවලංගු කෙරෙන අතර නව විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී නිකුත් කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක ඇමතිය හැකිය.

    ක්ෂණික ඇමතුම්    : 1911 (පැය 24 පුරා) / 0112785212

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya