ධීවර වරායවලින් පිටත් වු ධීවර යාත්‍රාවලින් දෙකක් හැර සෙසු ධීවර යාත්‍රා සියල්ල යළිත් ධීවර වරායන් වෙත පැමිණ තිබේ.
එමෙන්ම එම ධීවර යාත්‍රාවලින් ගිය සියලුම ධීවර කාර්මිකයින් නැවත ගොඩබිමට පැමිණ තිබෙන අතර, දැනට තොරතුරු නැති ධීවර යාත්‍රා දෙකේ ධීවරයින්ද සෙසු ධීවර යාත්‍රාවලින් ගොඩ බිමට පැමිණි ඇති බව මේ වනවිට ධීවර අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලින් සනාථ වී ඇත.
ඊයේ මෙම සිදුවීම වාර්තා වු සැනින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ප්‍රදේශ බාරව කටයුතු කරන ධීවර නිලධාරින්හට සියලු තොරතුරු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, හදිසි අවශ්‍යතාවයක් මතුවුවහොත් තමන්ට දැනුම් දෙන ලෙසත් උපදෙස් දෙනු ලැබීය.
කෙසේ වුවද මෙම සිද්ධිය වාර්තා වු සැනින් ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර ජීවිත බේරාගැනීම සදහා මෙන්ම, බෝට්ටු සොයා ගැනීම සදහා ඩෝරා යාත්‍රා දෙකක් හා නාවික හමුදා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් කෘතඥතාව පළ කර සිටී.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන කාලගුණික අනාවැකි පිළිබදව ධීවර වරායන් හිදී සියලු ධීවර කාර්මිකයින් දැනුම්වත් කෙරෙන අතර, එම අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කර කටයුතු කරන ලෙස ධීවර අමාත්‍යාංශය සියලු ධීවර කාර්මිකයින්ගෙන් ඉල්ලා සිටී.
ධීවර අමාත්‍යාංශ වෙබ් අඩවිය