මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම්වලට නාවික හමුදාවේ සහාය

    මැයි 27, 2017

    ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

     මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 40 ක් සහිත නාවික සහන කණ්ඩායම් 40 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ඔවුන් සඳහා ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් (26) සවස වන විට නාවික පුද්ගලයින් 238 දෙනෙකු අනුයුක්ත කොට තිබිණි.

    ඒ අනුව, දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 17 ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 23 ක්ද යොදවා ඇත.

    ඒ අනුව, කඹුරුපිටිය, නෙළුව, ඉමදූව, වඳුරඹ, පිටබැද්දර, අකුරැස්ස, මාතර, දෙයියන්දර, හේනකඩුව, හුංගම, පාදුක්ක, හංවැල්ල, මතුගම, පුවක්පිටිය, බුලත්සිංහල, බඳුරලිය, කළවාන, උඩුගම සහ පිටිගල යන ප්‍රදේශයන්හි මෙම මුදවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.  

    මේ වන විට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 1068 දෙනෙකු බේරා ගැනීමට සමත් විය. ඒ අනුව දකුණු පලාතේ අවතැන් වූ පුද්ගලයින් 545 දෙනෙකුට ආසන්න පිරිසක් සහ බස්නාහිර පළාතේ විපතට පත් පුද්ගලයින් 523 දෙනෙකුට ආසන්න පිරිසක් නාවික හමුදාව විසින් මුදවා ගෙන ඇත. මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයන් කරා යොමු කිරීමට ද නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරන ලදී.

    එමෙන්ම, තව දුරටත් නාවික හමුදාව විසින් අවතැන් වූවන් මුදවා ගැනීමේ සහ ඔවුන්ට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya