අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසෙකුට තම මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව එහි නිදහස උදෙසා දිවි පිදීමයි

    මැයි 27, 2017

    පරම වීර විභූෂන සම්මානධාරී රණවිරුවන් වර්තමානයේ ජීවත් වන අප සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ මිනිසුන් බවත්, යහපත් සිහි බුද්ධියෙන් යුතුව ඔවුහු මාතෘභූමිය වෙනුවෙන් ජීවිතය වෙනුවට මරණය තෝරා ගත් විරුවන් බවත් ඔවුන්ට සදාතනිකව මුළු ජාතියම ණය ගැති බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

     කථානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ, මොරටුව ලුනාව ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පරම වීර විභූෂණ ස්මාරකයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

    ශ්‍රී ලංකා එක්සත්  ජාතීන්ගේ මිත්‍ර සංගමය මූලිකව ඉදි කරන මෙම ස්මාරකයට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා පරම වීර විභූෂණ සම්මානධාරී  දිවි පිදූ රණ විරුවන්ගේ දෙමාපියන් බිරින්දෑවරුන් දූ දරුවන් ඇතුළු ඥාතීහු ද එක්ව සිටියහ.

    එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංගමයේ සභාපති වික්ටර් රණසිංහ, වාස්තු විද්‍යාඥ චින්තක පියදිගම යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූ අතර,  ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් උත්සවය සඳහා එක්ව සිටියහ.

    පරම වීර විභූෂණ වෙබ් අඩවියද මෙහිදී කථානායකවරයා අතින් ජනගත කෙරුණු අතර,  හෙතෙම සඳහන් කළේ දශක තුනක සිට සිහිනයක්ව තිබූ සාමකාමී දේශය රණවිරුවන්ගේ කැප වීම මත අද උදා වී ඇති බවය.

    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා

    මිනිසෙකුට තම මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව එහි නිදහස, නිවහල්බව වෙනුවෙන් ස්වකීය දිවිය පූජා කිරීමයි. එම උත්තම ජීවිත පූජාව කළ මෙන්ම සිය දිවි නොතකා මව්බිම වෙනුවෙන් සටන් වැදුන විරුවන් පරම වීර විභූෂිත යුග පුරුෂයන් බවට විවාදයක් නැහැ.

    ඔවුන්ගේ කැප වීම, ශ්‍රේෂ්ඨත්වය ගැන කල්පනා කරන විට යුධ සන්නාහ දරා රණබිමට ගිය දිවි පිදූ සියල්ලන්ට අපට මෙන්ම ආදරණීය පවුලක්, බිරිඳක්, දරුවන් මෙන්ම ජීවිතයේ බොහෝ සුභ සිහින තිබුණු බව අප අමතක කළ යුතු නැහැ.

    අපේ කැදැල්ලේ ආදරණීය සාමාජිකයෝ හැන්දෑවට අප ගෙදර එන තුරු දෑස් දල්වාගෙන සිටින ලෙසට ඔවුන්ගේ මව්පියන් බිරින්දෑවරු දරුවන් බලා සිටි බවත් ඒ සියළු සිහින පිරි ඔවුන්ගේ සුන්දර ලෝකය එක මොහොතකදී මව්බිම වෙනුවෙන් කැප කිරීමට තරම් දේශප්‍රේමයක් ඔවුන් සතුව තිබූ බවත් සිහි කරන විට අපේ හදවත ගෞරවයෙන් පිරී යනවා.

    ස්වාර්ථය වෙනුවෙන්,  තම සුඛ විහරණය වෙනුවෙන් රටේ අනාගත පරපුර ගැන නොසිතන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, පාසල් දරුවන් එයට ග්‍රහණය කර ගන්න ආත්මාර්ථකාමීන් සිටින සමාජයක අපේ දරුවන්ට නිදහස් රටක් උරුම කර දීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ රණවිරුවන් මොන තරම් පරාර්ථකාමී ශ්‍රේෂ්ඨයන් දැයි සිහි වෙනවා.සැබැවින්ම නොදැකපු දෙවියන්ට වඩා ඔවුන් අප දෑසින් දුටු දෙවියන් ලෙස සලකා වැදුම් පිදුම් කිරීම කෘතවේදී ජාතියක යුතුකමයි.

    රට වෙනුවෙන් දිවි දුන් විරු‍වන් ඇගයීම  ජීවත් වන අප සතු විශාල යුතුකමක්. ඒ වගේම ආබාධිත වූවන් සහ දිවි පූජා කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ ගෞරවනීය පුරවැසියන් ලෙස රැක ගැනීම ජාතියේ වගකීමක්. ඒ වෙනුවෙන් පුරෝගාමී කාර්යභාරයක් ස‍න්ෆෝ   සංවිධානය ඉටු කරනවා.

    ජීවිතයේ යම් කාලයක සොල්දාදුවකු ලෙස යුධ හමුදා නිල ඇදුම ඇඟලාගෙන සිටි අයෙකු ලෙස මම ඒ වෙනුවෙන් ඔබට හිස නමා ආචාර කරනවා. ‍‍  විශේෂයෙන්ම ඒ සඳහා එක්ව නායකත්වය දෙන හමුදා නිලධාරීන් යුධ බිමේ වීර විකුම් පෑ නියම සොල්දාදුවන් බව මා දන්නවා.  

    යුද්ධයක් නොමැති වුවත් නියම සොල්දාදුවකු මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් අවසන් හුස්ම හෙළන තුරු කළ හැකි සෑම ආකාරයකින්ම කැප වන බව අද ඔබ ක්‍රියා කරන ආකාරයෙන් විද්‍යාමාන වෙනවා.

    නියම සොල්දාදුවකු මිය යන්නේ රටට ණය නැතිව. තම යුතුකම උපරිමයෙන් ඉටු කළ අයෙකු ලෙසය යන්න සාඩම්බරයෙන් සිහි කළ හැකි බව ද මෙහිදී කථානායකවරයා කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya