අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු පුද්ගලික ආයතනයකට සතොස විකුණන්නේ නැහැ - ඇමති රිෂාඞ් බදියුදීන්

    මැයි 27, 2017

    වෙනත් කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසිවිටෙකත් නොවිකුණන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    සතොස ශාකා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100 ක් තම අමාත්‍යාංශය වැය කළ බව අමාත්‍යවරයා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සතොස සහ හේමාස් ආයතනය එක්ව සංවිධානය කර තිබූ “සතොස ට එන්න කාර් එකෙන් යන්න” යන ප්‍රවර්ධන ප්‍රවර්ධන වැඩසටහනේ
    දී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයක දීය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,


    “ලංකා සතොස ආයතනයේ මූලික අරමුණ වන්නේ තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමයි. වර්තමානය වන විට ලංකා සතොස ආයතනයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30 ක් පමණ වනවා. මම මේ ආයතනය බාර ගන්නා විට 300ක් වූ සතොස ශාඛා ප්‍රමාණය, වර්ථමානය වන විට 377ක් දක්වා වැඩි කිරීමට හැකි වුණා. පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික සතියක් සතොස ආයතනය විසින් ක්‍රියාත්මක කළ අතර, එහිදී අපගේ ශාඛා ප්‍රමාණය තවත් 50 කින් වැඩි කිරීමට හැකියාව ලැබුණා.

     

    මෙම වසර අවසන් වන විට සතොස ශාඛා 500ක් දක්වා වැඩි කිරීමට අප අමාත්‍යාංශය කටයුතු කරනවා. මීට අමතරව සතොස වරලත් අලෙවිසැල් 8000 ක් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් අප පාරිභෝගික පදනම තව දුරටත් වැඩි කිරීමට හැකියාව ලැබෙනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya