අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක 7ක ආපදා තත්ත්වයක් - ගංවතුරු තවත් උග්‍ර වෙයි

    මැයි 26, 2017

    දිස්ත්‍රික්ක හතක ආපදා තත්ත්වය පවතින බවත් අද (26) සවස්වන විට වර්ෂාව අඩුවී තිබුණ ද රාත්‍රී කාලයේ තද වැසි නැවත ඇතිවුවහොත් කැලණි ගඟ ආශ්‍රිතව කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි 2016 වර්ෂයේ දී ඇතිවූවාට වඩා වැඩි ගංවතුර තත්ත්වයක් හටගත හැකි බව ද රජය නිවේදනය කරයි.

    කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ හා කළු ගඟ ආසන්නයේ පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ද ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ද රජය ඉල්ලා සිටියි.

    ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ආපදා හේතුවෙන් පුද්ගලයන් 91 දනෙකු මියගොස් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. අවතැන් වූ සංඛ්‍යාව 53,000 ඉක්වවා ඇත.

    දැනට මුහුණ දී තිබෙන ව්‍යසනය හමුවේ රජයේ ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ විපතට පත්වූවන්ගේ ජීවිත බේරාගැනීම හා ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර අවශ්‍ය සහන සේවා ලබාදීම බව රජය අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමර්ග ගෙන ඇති අතර රජයේ සියලු ආයතනල ත්‍රිවිධ හමුදාවල පොලිසිය ඇතුළු රජයේ සියලුම නිලධාරීන් ඒ සඳහා යොමුකර ඇත.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ලල කළුතර, හම්බන්තොට, නුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි නායයාම් අවදානම් සහිත ස්ථානවලින් ඒවායේ පදිංචිකරුවන් හැකි ඉක්මනින් ඉවත්විය යුතු බවයි. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක්ල කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක්, ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක්, කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක්, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක්, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් හා මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
     
    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවා කාලයේ වර්ෂාව අඩුවුව ද රාත්‍රී කාලයේ දී තද වර්ෂා තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ඉදිරි පැය 48 ඇතුලත තවදුරටත් තද වැසි ඇති වුවහොත් පැය කිහිපයක් ඇතුලත ආපදා තත්ත්වය දරුණු වීමට ඉඩ ඇත.

    විපතට පත්වූවන් බේරාගැනීම, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකෙරේ, විපතට පත්වූවන්ට ආධාර ලබාදෙන්නේ නම් අදාල ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආපදා කළමනාකරණ ප්‍රාදේශීය මධ්‍යස්ථාන සම්බන්ධීකරණයෙන් එය සිදුකිරීම වඩාත් සුදුසුයග එමගින් ආධාර ලැබිය යුතු නිශ්චිත ස්ථාන වෙත අදාළ ආධාර යොමු කිරීමට හැකිවනු ඇත.

    ගංවතුර හා නායගිය ප්‍රදේශ බැලීමට නොපැමිණෙන ලෙස ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එය තවදුරටත් අවදානම් කාර්යයක් බැවින් හා සහන සේවා සැපයීමට බාධාවක් විය හැකි බැවින් එලෙස කිරීමෙන් වැළකී සිටින ලෙස රජය අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya